
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා.
කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටියා.
මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, නිමල් ලාන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටිනු අයුරු දැකගත හැකිවුණා.
පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ජා පවත්වා තිබෙනවා.