
අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යළි ජාතික පද්ධතියට එක් කිරීම හේතුවෙන්.
ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් එක් කෙරෙනවා.
පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.