/
/
title icon
එජාපය මහ නගර සභා හතරකට අලියා ලකුණෙන්
එජාපය මහ නගර සභා හතරකට අලියා ලකුණෙන්
Editor
1 week ago
Share:
එජාපය මහ නගර සභා හතරකට අලියා ලකුණෙන්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා "අලියා" ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඊයේ රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා 04ක් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ "අලියා" ලකුණ යටතේ තරග කිරීමට යෝජනා වී තිබෙනවා.

එම යෝජනාවට බහුතරයකගේ එකඟතාව හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව කොළඹ, මහනුවර, ගාල්ල, සහ නුවරඑළිය යන මහනගර සභා සඳහා "අලියා" ලකුණින් තරග කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required