
පසුගිය 9 වැනිදා දිවයිනේ සිදුවූ හදිසි විදුලි බිඳවැටීමට හේතු වූයේ විදුලි උත්පාදනය සහ ඉල්ලුම අතර ඇති වූ අසමතුලිතතාවයක් බව ලංකා විදුලිබල මණ්ඩලය අද නිවේදනය කළා.
ඔවුන් මේ බව පවසන්නේ, විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුගිය 9 වැනි ඉරිදා පස්වරුවේ දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවුණා.
එමෙන්ම සූර්ය පැනල පද්ධති රැසක් විසන්ධි වීම සහ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණය අනපේක්ෂිත ලෙස බිඳවැටීමත් විදුලි ජාලය තවදුරටත් අස්ථාවර කිරීමට හේතු වී ඇති බව සඳහන්.
ඒ අනුව විදුලිබල මණ්ඩලය නිවේදනය කරන්නේ විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට ක්ෂණික සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
එමෙන්ම ඉදිරියේදී එවැනි විදුලි බිඳවැටීම් සිදුවීම වැළැක්වීමට ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට සහතික වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.