
දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනවා.
මෙම තත්ත්වයත් සමග ජල මූලාශ්‍රයන්ගේ ජල මට්ටම පහත බසිමින් පවතින හෙයින් පානීය ජල සැපයුම සීමාසහිත විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ද පැවසුවා.
ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 36.6 වැඩිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශක ''අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.