
අලුත්කඩේ අංක පහ අධිකරණය තුළදී අද පෙරවරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් එනු ලැබුවා.
නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ ගණේමුල්ල සංජීව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පසුව වෙඩික්කරු පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.