
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එහි පෙරමුණ ගෙන තිබෙනවා.
නිමාවූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 2කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී මහීෂ් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස එහි අංක එකේ සථානයට පත්ව ඇති බව සඳහන්.
මහීෂ්ගේ ඉදිරියට පැමිණීමත් සමග මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමිකරගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන් දෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
මහීෂ් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.