/
/
title icon
ජනපති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්
ජනපති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්
Editor
1 week ago
Share:
ජනපති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

 ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි.

එමෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවෙන් මාලදිවයින පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් මෙහිදී ඔහු පෙන්වා දී තිබෙනවා⁣.

මේ අතර රාජ්‍ය නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසද කලීල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනා කළා.

මෙහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳ ජනාධිපතිවරයාද සිය ප්‍රශංසාව ප්‍රකාශ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required