/
/
title icon
පාර්ලිමේන්තුව තුළ දී ඉතිහාසයේ පළමු වරට බ්‍රේල් ක්‍රමයට ලියන ලද සටහනක් නිවේදනය කෙරෙයි
පාර්ලිමේන්තුව තුළ දී ඉතිහාසයේ පළමු වරට බ්‍රේල් ක්‍රමයට ලියන ලද සටහනක් නිවේදනය කෙරෙයි
Presila Sandaruwani
4 days ago
Share:
පාර්ලිමේන්තුව තුළ දී ඉතිහාසයේ පළමු වරට බ්‍රේල් ක්‍රමයට ලියන ලද සටහනක් නිවේදනය කෙරෙයි

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, ඉතිහාසයේ පළමු වරට බ්‍රේල් ක්‍රමයට ලියන ලද සටහනක් ඇසුරින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කිරීමට, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද පෙරේරා මහතා අද දින කටයුතු කළා.

එහි දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකු වශයෙන් සභාව කල්තැබීමේ යෝජනාව, බ්‍රේල් ක්‍රමයට ලියාගෙන පැමිණ කියවීමට ලැබීම පිළිබඳව තමා ආඩම්බරයට පත්වෙන බවයි.

“නිර්බාධිත සමාජ ජීවිතයක් උදෙසා ලක්ෂ සංඛ්‍යාත ආබාධ සහිත ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඔසවාලීම පිණිස අයිතිවාසිකම් පාදක කරගත් සුභසාධනය බලගැන්වීමේ වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුව ඇත. මෙම වැඩපිළිවෙළ තුළ එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ප්‍රඥප්තියට සමපාතව දේශීය නීතිය සඳහා නව පනතක් සැකසීමටත් ආබාධ සහිත ජනතාව තුළ පවතින ආර්ථික විභව ශක්තීන් සමාජ සංශෝධනයට අවශෝෂණය කරගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇත.“ යනුවෙන් මන්ත්‍රීවාරයා මෙහි දී ප්‍රකාශ කර සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required