/
/
title icon
අලි ඇතුන් දුම්රිවල ගැටීම වැළැක්වීමට AI තාක්ෂණය
අලි ඇතුන් දුම්රිවල ගැටීම වැළැක්වීමට AI තාක්ෂණය
Presila Sandaruwani
4 days ago
Share:
අලි ඇතුන් දුම්රිවල ගැටීම වැළැක්වීමට AI තාක්ෂණය

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුනා ගත් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳව දැනුවක් කිරීමක් මෙහි දි සිදුවූවා.

එමෙන් ම එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ ආයතන දැනුවත් කිරීම ද මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණා.

මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල මහතා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනයන්ගේ නිළධාරීන් මෙන් ම පරිසරවේදීන් නියෝජනය කරමින් රවින්ද්‍ර කාරියවසම් සහ සමන්ත ගුණසේකර යන මහත්වරු ද සහභාගී වී සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required