/
/
title icon
අලුත් අවුරුද්දට අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්
අලුත් අවුරුද්දට අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්
Editor
4 days ago
Share:
අලුත් අවුරුද්දට අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් තෙවනවරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කෙරුණා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත්, එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීමටත් මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

උත්සව සමයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට මෙවර අයවැය මගින් රුපියල් බිලියන 01ක් වෙන් කර ඇති අතර එම ප්‍රතිපාදන නිසි පරිදි යෙදවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required