/
/
title icon
අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
Editor
3 days ago
Share:
අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් අද සම්මත වුණා. 

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් හිමිවුණා.

මෙහිදී කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ නැහැ.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවයි.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව පෙබරවාරි 18 සිට අද දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවෙනි වර කියවීමේ විවාදය පැවැතියා.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතයි.

2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required