
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය එහිදී සිදුකිරීමට නියමිතයි.
මාර්තු 21 වන දින දක්වා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත අතර එදින පස්වරුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරෙනවා.