/
/
title icon
ඉතාලි තානාපති හා ජනපති අතර හමුවක්
ඉතාලි තානාපති හා ජනපති අතර හමුවක්
Presila Sandaruwani
1 day ago
Share:
ඉතාලි තානාපති හා ජනපති අතර හමුවක්

ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා පවසා තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර ජනාධිපති කාර්යාලයේ දී අද පැවැත්වුණු හමුවේ දී.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබාදෙන බව ද ඉතාලි තානාපතිවරයා මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබාදිය හැකි සහාය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකිකයින්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහි දී පවසා තිබෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්වූවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා අතර හමුවක් ද අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන් ම දෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර හමුවක් ද අද සිදු වූ බවයි.

ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බව ද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති එහි දී පවසා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required