
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
ඊට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට සිට මාර්තු 28 වැනිදා පස්වරු 3 දක්වා භාරගනු ලබනවා.
අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකියි.