
2030 වසර වන විට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය සුවිශේෂී ලෙස අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද දින පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසූවා.
“මම දැක්කා ආරක්ෂක වියදම් ගැන කියලා තිබ්බා. තව වියදම් කළ යුතුයි. අපි 2030 වෙනකොට අපේ යුද හමුදාව ලක්ෂයකට සීමා කරනවා. ගුවන් හමුදාව 18,000කට සීමාවකට එනවා. නාවික හමුදාව 40,000කට සීමාවකට එනවා. ප්‍රමාණය අඩුවෙනවා. හැබැයි තාක්ෂණික වශයෙන් උසස් හමුදාවක් බවට අපේ හමුදාව පරිවර්තනය කිරීම සඳහා අපි වැඩකරනවා“