
වසර 16කට පසුව පැවැත්වීමට කටයුතු යොදා ඇති දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ මහනුවර ජනපති මැදුරේ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව කියා සිටියා.
'සිරි දළදා දැක්ම' නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භ කර ප.ව. 5.30ට අවසන් කෙරෙනවා.
ඉන් අනතුරුව 19 වැනිදා සිට 27 වැනිදා දක්වා දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මේ අතර, දළදා දැක්ම නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී කාලයේ දන්සල් 2ක් පවත්වන බවත්, එමගින් 30,000කට ආහාර ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් දියවඩන නිලමේවරයා මෙහිදී පැවසුවා.
එමෙන්ම, මෙවර දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසරපත් කිසිවක් නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවද ඒ මහතා සඳහන් කළා.