
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වැනිදා සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වැනිදා අවසන් කෙරුණා.
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වූ රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සංගණනය අවසන් අදියර වෙත ළඟා වී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.