/
/
title icon
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවටත් 44%ක සැර බද්දක්
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවටත් 44%ක සැර බද්දක්
Editor
1 week ago
Share:
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවටත් 44%ක සැර බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු අතර අනිද්දා සිට එම බදු පැනවීම ක්‍රියාත්මකයි. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීවීව ප්‍රකාශයට පත්කළා.

එහිදී ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබුවා. 

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 

මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා 10%ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

කාම්බෝජනයට 49%ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට 46%ක තීරුබදු පැනවීමක් සිදුකර තිබෙනවා.

බංග්ලාදේශයට 37%ක, තායිලන්තයට 36%ක, චීනයට 34%ක, ඉන්දියාවට 26%ක බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපාා සංගමයේ රටවලටද 20%ක තීරු බදු පැනවීමක් සිදුකළා.

මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 12.2%ක තීරුබදු පැනවීමක් සිදුකර තිබු අතර, මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් සිදුකරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්.

පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required