
ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
වත්මන් ආණ්ඩුව ගොඩනගනු ලැබුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ ඇතුළු සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
වත්මන් දරු පරපුරට යළි යුද නොකරන රටක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.