
Update / 2025-04-23 / 08.05 AM
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
-------------------
Update / 2025-04-22 / 23.17 PM
වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ බව පැවසූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
කෙසේ වෙතත්, ඔහු මියගිය බව මීට පෙර පොලීසිය පැවසුවා.
-------------------
අද රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වැල්ලම්පිටිය - ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී රාත්‍රී 9.10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී ඩෑන් ප්‍රියසාද් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.