/
/
title icon
ඉන්සියුලින් හිඟයක් නොමැති බව සෞඛ්‍ය ඇමති කියයි
ඉන්සියුලින් හිඟයක් නොමැති බව සෞඛ්‍ය ඇමති කියයි
Editor
3 days ago
Share:
ඉන්සියුලින් හිඟයක් නොමැති බව සෞඛ්‍ය ඇමති කියයි

ඉදිරි මාස හතරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් මේ වන විටත් බෙදා හැර අවසන් බවත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවයි.

ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා මාස හතරත්, හයත් අතර කාලයක් සඳහා ඖෂධ තොග පවත්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

ඇතැම් ඖෂධවල වරින් වර හිඟයන් මතු වන්නේ පසුගිය දෙවසර තුළ ඇති වූ විවිධ හේතූන් මත බව අමාත්‍යවරයා පැවසුවා.

සැපයුම්කරුවන්ගේ දුර්වලතාද මේ සඳහා බලපා ඇති බවත් එය වළක්වා ගැනීම සඳහා රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required