/
/
title icon
දලදා වන්දනාවට අදත් මහ සෙනඟක් - පොලීසියෙන් ජනාවට ඉල්ලීමක්
දලදා වන්දනාවට අදත් මහ සෙනඟක් - පොලීසියෙන් ජනාවට ඉල්ලීමක්
Editor
3 days ago
Share:
දලදා වන්දනාවට අදත් මහ සෙනඟක් - පොලීසියෙන් ජනාවට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

සිරි දළදා වන්දනාව පසුගිය 18 වැනිදා ආරම්භ කෙරුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ අද පස්වරුව වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී ඇති බවයි.

එබැවින් හෙ සහ අනිද්දා යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් සැදැහැවතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින්, ඉදිරි දෙදින තුළ තවත් සැදැහැවතුන් පැමිණියහොත් ඔවුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසනවා.

ඒ නිසා ඉදිරි දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා පොලීසිය සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා.

මේ අතර අද පස්වරු 5:30ට සිරි දළදා වන්දනාව 6වන දිනට අවසන් කෙරුණා.

ඒ අනුව අද දිනයේදී සැදැහැවතුන් 82,500 දෙනෙකු සිරි දළදා වන්දනාවට එක්ව තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required