
මැයි මස 06 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 යන දෙදින නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මැයි මස 07 වැනිදා පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි නිවේදනයක් නිකුත් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු වනවා.
ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.