/
/
title icon
'සිරි දළදා වන්දනාව' සැලසුම් කළ පරිදි 27 වැනිදා අවසන්
'සිරි දළදා වන්දනාව' සැලසුම් කළ පරිදි 27 වැනිදා අවසන්
Editor
19 hours ago
Share:
'සිරි දළදා වන්දනාව' සැලසුම් කළ පරිදි 27 වැනිදා අවසන්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. 

අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දියවඩන නිලමේවරයා මේ බව කියා සිටියා. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා, සඳහන් කළේ සැලසුම්කළ ප්‍රමාණයට වඩා බැතිමතුන්ට වන්දනාකරගැනීමට භාග්‍ය උදාවී ඇති බවයි. 

දළදා වහන්සේ වන්දනා කරගැනීම සඳහා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් නිසාම අද වනවිට මහනුවර ප්‍රදේශයම පුදුමාකාර ජනාකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කළ දියවඩන නිලමේවරයා මේ හේතුවෙන් දළදා වහන්සේ වන්දනා කරගැනීමට තිබෙන ඉඩකඩවල අඩුවක් පවතින බවද සඳහන් කළා. 

ඒ වගේම පාරිසරික වශයෙන් වගේම සනීපාරක්ෂක වශයෙන්ද පහසුකම් සපයාදීමේ අවහිරතාවයන්ට මුහුණදෙන්න සිදුව ඇති බවද දියවඩන නිලමේවරයා කියා සිටියා. 

එබැවින් මහජනතාවගේම පහසුව තකා මෙම වන්දනාවාරය කලින් නියමකරගත් පරිදිම අප්‍රේල් 27 දක්වා පමණක් පැවැත්වීමට තීරණය කළ බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තවදුරටත් ප්‍රකාශ කළේ. 

ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් බැතිමතුන්ට උදාකරදෙමින් 'සිරි දළදා වන්දනාව' පසුගිය 18වනදා  ආරම්භ කෙරුණු අතර, දින 10ක කාලයක් සඳහා පැවැත්වෙන මෙම සිරි දළදා වන්දනාව ඉරිදා දක්වා පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මෙලෙස දළදා ප්‍රදර්ශනයක් මෙවර පැවැත්වෙන්නේ වසර 16කට පසුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required