/
/
title icon උතුවන්කන්දේ සරදියල් ගලෙන් ඇද වැටුණු තරුණියක් මරුට.
උතුවන්කන්දේ සරදියල් ගලෙන් ඇද වැටුණු තරුණියක් මරුට.
Editor
1 year ago
Share:
උතුවන්කන්දේ සරදියල් ගලෙන් ඇද වැටුණු තරුණියක් මරුට.

මාවනැල්ල, උතුවන්කන්දේ සරදියල් ගලෙන් ඇද වැටුණු 27 හැවිරිදි තරුණියක් අද ජීවිතක්ෂයට පත්වුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා සහකාර කෘෂිකර්ම උපදේශිකාවක් ලෙස සේවය කරන තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පේරාදෙණිය සරසවියේ සිසුන් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග විනෝද චාරිකාවක් සදහා උතුවන්කන්ද ප‍්‍රදේශයට පැමිණි ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි අදාළ තරුණිය කන්ද තරණය කරන අවස්ථාවේ පය ලිස්සා ඇද වැටී තිබෙනවා.

අනතුරුව තුවාල ලැබූ ඇය මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required