English English සිංහල සිංහල தமிழ் தமிழ்

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ.

Facebook
Twitter
LinkedIn

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ කෙරුණා.

අප වාර්තාකරු සඳහන් කළේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය ආරම්භ කෙරුණු බවයි.

විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක, එච්.ඩී.ජේ.කුලතුංග, බී.පී.දහනායක ඇතුළු නව දෙනකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාට නම් කර ඇති අතර, පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කිරිමට යෝජිත “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ” ඉකුත් 10 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කළ බවයි.

එහි ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවටයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.

ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීම් සිදුවන බව ද පෙත්සම් වලින් පෙන්වා දී තිබෙනවා.

එබැවින් අදාළ පනත් කෙටුම්පතේ ඇතුලත් වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්වලින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000