/
/
title icon ගල්කිස්ස අධිකරණ භූමියේ වෙඩි ප්‍රහාරයට දෙදෙනෙකු අත්අඩංගුවට.
ගල්කිස්ස අධිකරණ භූමියේ වෙඩි ප්‍රහාරයට දෙදෙනෙකු අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
ගල්කිස්ස අධිකරණ භූමියේ වෙඩි ප්‍රහාරයට දෙදෙනෙකු අත්අඩංගුවට.

පසුගිය අටවනදා ගල්කිස්ස අධිකරණය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩවත – ගෝනහේන ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා දෙල්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සතුව තිබී හෙරොයින් මත්කුඩුද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required