/
/
title icon ලක්ෂ 45 කට අධික ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට.
ලක්ෂ 45 කට අධික ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට.
Editor
1 year ago
Share:
ලක්ෂ 45 කට අධික ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකල පාමුර සංචාරයකදී, වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී පොලිතීන් උර තුල ඇසුරුම් කරන ලද විදේශීය රටක නිෂ්පාදනය කරන ලද මෙම ඖෂධ තොගය මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩ ගසා තිබියදීයි සොයාගෙන ඇත්තේ.

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම ඖෂධ තොගය මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාසය පළ කරනවා.

නාවික හමුදා භාරයට ගත් මෙම ඖෂධ තොගයේ දළ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 4.5 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම ඖෂධ තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required