/
/
title icon පාන් රාත්තලක් රුපියල් පනහකින් අඩු කිරීමට සූදානම් බව බේකරි හිමියන් කියයි.
පාන් රාත්තලක් රුපියල් පනහකින් අඩු කිරීමට සූදානම් බව බේකරි හිමියන් කියයි.
Editor
1 year ago
Share:
පාන් රාත්තලක් රුපියල් පනහකින් අඩු කිරීමට සූදානම් බව බේකරි හිමියන් කියයි.

රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකියයුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් අඩු වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම් අද ජනතාවට දරාගත නොහැකි ලෙස මිල ඉහළ ගොස් ඇති පාන් මිල අඩු කල හැකි බවයි.

ඩොලර් ගැටළුව හේතුවෙන් වෙළඳපොළ තුළ බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල මෙරට වෙළදපොලෙහි විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ සභාපතිවරයා පාන්පිටි මාෆියාවක්ද රට තුළ ක්‍රියාත්මක බව සඳහන් කළා.

රුපියල් 200/= කට ලබා දිය හැකි පාන්පිටි සඳහා මාෆියාව හේතුවෙන් රුපියල් 280/= කට බේකරි හිමියන්ට ලබා ගැනීමට සිදුව ඇති බවටද ඔහු එහිදී චෝදනා කළා.

එසේම බිත්තරවල මිලද ඉතා අසාධාරණ ලෙස වැඩිවී ඇති බවත්, බිත්තරවලට රජය පාලන මිලක් පැනවුවද අද වනතුරුත් පාලන මිලට බිත්තර වෙළඳ පොළෙහි නැති බවද ඔහු කියා සිටියා.

රජයේ සහ බලධාරීන්ගේ සහය ලැබෙන්නේ නම් රුපියල් 190/= වැනි අධික මිලක් ඇති  ග්‍රෑම් 400 ක පාන් රාත්තල රුපියල් 50/= කින්ද, රුපියල් 100/= වැනි මිලකට අලෙවි වන බනිස් ගෙඩියක් රුපියල් 25/= කින්ද එසේම අනෙකුත් බේකරි නිෂ්පාදන මිළ සැලකියයුතු ප්‍රමාණයකින් ද අඩු කල හැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required