/
/
title icon වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.
වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.
Editor
1 year ago
Share:
වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ක්‍රියාකාරි හශාන්ත ජීවන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් දින 90 ක කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබාදී තිබෙනවා.

පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මේ බව තහවුරු කරමින් කියා සිටියේ.

පසු බ්‍රහස්පතින්දා (අගෝස්තු 18) කොළඹ දී පැවති විරෝධතාවයක් අතරතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 19 දෙනා අතර මොවුන් තිදෙනා ද වුණා.

ඔවුන් අතරින් සැකකරුවන් 15 දෙනෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ශරීර ඇප මත මුදා හරින ලද අතර එක් සැකකරුවෙකු අගෝස්තු මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

මේ අතරින් පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, හශාන්ත ජීවන්ත ගුණතිලක සහ වසන්ත මුදලිගේ ඇප එලෙස මත මුදා නොහරින ලද අතර ඒ වෙනුවට ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required