English English සිංහල සිංහල தமிழ் தமிழ்

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ දේපළ සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට.

Facebook
Twitter
LinkedIn

පසුගිය මැයි මස 09 වනදා සහ ඊට පසු සිදුවූ කලහකාරී සිදුවීම්වලට තවත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 09 වනදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුරගේ නිවසට සහ දේපලවලට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට සම්බන්ධ පුද්ගලයකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු 22 හැවිරිදි පන්ලියද්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී. දොලවත්තගේ නිවසට සහ දේපලවලට පහරදීමේ සිද්ධියට 33 හැවිරිදි කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට අයත් ව්‍යාපාරික ආයතනයක දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පුද්ගලයෙකු මාවතගම ප‍්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනුණා.

සැකකරු පසුගිය මැයි මස 9 වනදා එම ආයතනය බිඳ රුපියල් විසිහතර ලක්ෂයට අධික වටිනාකමකින් යුත් දේපල සොරකම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය මැයි මස 09වනදා අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකුට පහරදී තුවාල සිදුකර මුදල් පසුම්බිය කොල්ලකා මන්ති‍්‍රවරයා බේරේ වැවට තල්ලූ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි සැකකාරියක් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය ප‍්‍රදේශයේදීයි.

මැයි මස 9 වනදාම කල්පිටිය ප‍්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයකට පහරදී අලාභහානි සිදුකර එහි ගමන්ගත් ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 3 දෙනෙකුට පහරදීමේ සිද්ධියට 50 හැවිරිදි පුද්ගලයෙකු හලාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ ජූනි මස 13 වනදා ඇති වූ කලහකාරී සිද්ධියට තවත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත්තා. කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000