/
/
title icon හිටපු ජනපති ගෝඨා දිවයිනට පැමිණීම කල් යයි.
හිටපු ජනපති ගෝඨා දිවයිනට පැමිණීම කල් යයි.
Editor
1 year ago
Share:
හිටපු ජනපති ගෝඨා දිවයිනට පැමිණීම කල් යයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දිවයිනට පැමිණීමට නියමිත බව මීට පෙර වාර්තාවුවත්, එය තවත් දෙසතියකින් පමණ කල් යනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග ප‍්‍රකාශ කළා. ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරුවක් නිශ්චිත වනතුරු මෙම ප‍්‍රමාදවීම සිදුවන බව සඳහන්.

මේ අතර රොයිටර් පුවත් සේවය ඊයේ ප‍්‍රකාශ කළේ බුද්ධි අංශ උපදෙස් මත හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම ප‍්‍රමාද වන බවයි.

කෙසේ වෙතත් ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට දිවයිනට පැමිණීමට අවශ්‍ය කටයුතු සළසන ලෙස ශී‍්‍ර ලංකා මානව හිිමිකම් කොමිසමද රජයට දැනුම් දී තිබුණා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණද පසුගියදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවෙමින් ඉල්ලා තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දිවයිනට පැමිණීමට අවශ්‍ය පහසුකම් සළසන ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required