English English සිංහල සිංහල தமிழ் தமிழ்

අයවැය අගෝස්තු 30 වැනිදා.

Facebook
Twitter
LinkedIn

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 30 වනදා සිදුකිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුව ලබන 30 වනදා පස්වරු 01 සිට පස්වරු 2 දක්වා පැවත්වීමට එහිදී තීරණය කෙරුණු අතර අයවැය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමෙන් පසු ජනාධිපතිවරයා ලබන 31 දක්වා සභාව කල් තැබීමට නියමිතයි.

31 වනදා සිට දින තුනක් අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අතර සැප්තැම්බර් 02 වනදා අයවැය කාරක සභා අවස්ථාව සහ පනත් කෙටුම්පත තුන්වන වර කියැවීමෙන් පසු එය සම්මත කර ගැනෙනවා. ඊට අදාළව එදින, පස්වරුවේ ජන්ද විමසිමක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර, මහබැංකු අධිපති ආචාර්්‍ය නන්දලාල් වීරසිංහගේ ප‍්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික තත්ත්වය පිළිබද පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 30 වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදි පැවත්වෙන බව සභානායක අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත පක්ෂ නායකයින්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මේ අතර, අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි කෝපා සහ කෝප් කමිටුවල සභාපතිධූර විපක්ෂයට ලබාදීමට ගෙන ඇති තීරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතීඥ සාගර කාරියවසම් විරෝධය පලකර තිබෙනවා. කෙසේ වෙතත්, විපක්ෂයේ නියෝජිතයින් ප‍්‍රකාශ කර ඇත්තේ එකඟ වී ඇති පරිදි මෙම ධුර විපක්ෂයට ලබා දි ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000