/
/
title icon ආසියානු කුසලානයට ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඩුබායි බලා නික්මෙයි.
ආසියානු කුසලානයට ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඩුබායි බලා නික්මෙයි.
Editor
1 year ago
Share:
ආසියානු කුසලානයට ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඩුබායි බලා නික්මෙයි.

ඩුබායි හි ලබන 27 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර විස්ස තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව ගිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයින් 17 දෙනෙකු සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටය යටතේ පළමුව අගෝස්තු 27 වැනිදා ඇෆ්ගස්තානයට එරෙහිවත් සැප්තැම්බර් 01 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් ඩුබායිහිදී තරග වදිනු ඇත. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැරුණු කොට සාජා ක්‍රීඩාංගණයද තරගාවලිය පැවැත්වෙන අනෙක් ක්‍රීඩාංගණයයි.

ආසියානු කුසලාන තරගාවලිය යනු දැඩි අභියෝගාත්මක තරගාවලියක් වුවත්, ප්‍රතිවාදී කණ්ඩායම් වල දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා, වඩාත් වැදගත් වන්නේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ විශ්වාස තැබීම බව ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required