/
/
title icon රන්ජන් නිදහස ලබා වැලිකඩින් පිටවෙයි.
රන්ජන් නිදහස ලබා වැලිකඩින් පිටවෙයි.
Editor
1 year ago
Share:
රන්ජන් නිදහස ලබා වැලිකඩින් පිටවෙයි.

වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා සිටි ජනප්‍රිය රංගන ශිල්පී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද පස්වරුවේ නිදහස්ව වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා.

එහිදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහට, අමාත්‍ය විජේදාස රාජපක්ෂට, විපක්ෂ නායකවරයාට මෙන්ම අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට මෙහිදී ස්තූතිය පළ කළා. තමන් ජනතාව සමඟ සිටින බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

රන්ජන් රාමනායකට කොන්දේසී සහිත සමාවක් ලබාදීමට අදාළ ලිපියට ජනාධිපතිවරයා අද අත්සන් තැබූ අතර, ඒ අනුවයි ඔහු මෙලෙස අද දිනයේදී නිදහස ලබා බන්ධනාගාරයෙන් නික්මුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required