/
/
title icon විදුලිබිල වැඩි කිරීම ඇතුළු අතිරේක තොරතුරු ලබන සඳුඳා IMF නියෝජිතයින්ට.
විදුලිබිල වැඩි කිරීම ඇතුළු අතිරේක තොරතුරු ලබන සඳුඳා IMF නියෝජිතයින්ට.
Editor
1 year ago
Share:
විදුලිබිල වැඩි කිරීම ඇතුළු අතිරේක තොරතුරු ලබන සඳුඳා IMF නියෝජිතයින්ට.

පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.

ජනාධිපතිවරයා Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූ අතර දෙපාර්ශ්වය ධනාත්මකව අදහස් හුවමාරු කර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

විදුලිබිල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කරන ලද ඉල්ලීමට අනුව එම තොරතුරු ලබන සඳුදා වන විට ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරුද අද පැවති සාකච්ඡාවට එක්ව සිට ඇති අතර මෙහි තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා පැවැත්වීමට තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රිවර්, නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සාකච්ඡාවට එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required