/
/
title icon චීන තානාපති යුවාන් වැන් නෞකාව ගැන කට අරියි.
චීන තානාපති යුවාන් වැන් නෞකාව ගැන කට අරියි.
Editor
1 year ago
Share:
චීන තානාපති යුවාන් වැන් නෞකාව ගැන කට අරියි.

යුවාන් වැන් 5 නෞකාව සම්බන්ධයෙන් මතුවූ තත්ත්වය චීනය සහ ශ‍්‍රී ලංකාව නිසි ලෙස විසඳා ගත් බව ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං ප‍්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ චීනය සමග එක්ව ඉදිරියට ගමන් කරන ලෙස ශ‍්‍රී ලංකාවට ආරාධනා කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.

චීනය, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛන්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර තලයේදී ශ‍්‍රී ලංකාවට සහය ලබාදෙන බවද තානාපතිවරයා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

මේ අතර, බ්‍රිතාන්‍යය, ශී‍්‍ර ලංකාවට පනවා තිබූ සංචාරක අවදානම ඉවත් කර තිබෙනවා. මෙරට තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිදු කටයුත්තකට ශී‍්‍ර ලංකාවේ සංචාරය නොකරන ලෙසයි  ඔවුන් පසුගියදා සිය වැසියන්ට දැනුම්දෙනු ලැබුවේ.

එමෙන්ම ස්විට්සර්ලන්තය, නොර්වේ සහ ප‍්‍රංශයද ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පැනවූ සංචාරක තහනම ඉවත් කර ගැනීමටයි මේ වනවිට කටයුතු කර ඇත්තේ.

මේ අතර මෙරට සංචාරය කරන ඉන්දීය ජාතිකයන්ට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ ශ‍්‍රී ලංකාවේ සිදු කෙරෙන  ඕනෑම අත්‍යවශ්‍ය ගමනක් සඳහා මුදල් හුවමාරු කිරීම් සහ ඉන්ධන සපයාගැනීම ඇතුළු ප‍්‍රධාන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required