/
/
title icon අන්තරේ කැඳවුම්කරු රඳවාගෙන සිටීම නීතිවිරෝධී බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්.
අන්තරේ කැඳවුම්කරු රඳවාගෙන සිටීම නීතිවිරෝධී බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්.
Editor
1 year ago
Share:
අන්තරේ කැඳවුම්කරු රඳවාගෙන සිටීම නීතිවිරෝධී බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධී බවට තීන්දු කර එය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත‍්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

මේ අතර, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගර ගත කර සිටි ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අද ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ නියෝග කළා.

මේ අතර, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි ඇඳ ඇතිරිල්ල සොරකම් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළා.

එමෙන්ම අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී එහි දේපලවලට හානි කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පියත් නිකේෂල සහ බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා.

මේ අතර ජුලි 9 වනදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවී දේපලවලට හානි කිරීම් සහ මැයි 9 වනදා ගාලූමුවදොර පහරදීම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළා.

එසේම ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වි දේපල වලට හානි කිරීම ඇතුළු චෝදනා මත මේ වනවිට කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සැකරකැවන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද අද අධිකරණයේදී අනාවරණ වුණා.

එමෙන්ම, ජුලි 9 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් යානයකින් පිටත්ව යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ප‍්‍රචාරයක් සිදුකිරීම පිළිබඳව ප‍්‍රකාශයක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරි නලින් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.

මේ අතර, පසුගිය ජුලි 9 වනදා ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ කැලූම් අමරසිංහ ඇතුළු අරගලය ජාතික ව්‍යාපරයේ සාමාජිකයින් පිරිසක් අද මානව හිමිකම් කොමිසමේ නිලධාරින් හමුවී සාකච්ඡාවක නිරත වුණා.

මේ අතර මැයි 9 වනදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු අද ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required