/
/
title icon බිත්තර සහ කුකුළු පැටවුන් හිඟයක් ගැන නිෂ්පාදකයින්ගෙන් රතු එළි.
බිත්තර සහ කුකුළු පැටවුන් හිඟයක් ගැන නිෂ්පාදකයින්ගෙන් රතු එළි.
Editor
1 year ago
Share:
බිත්තර සහ කුකුළු පැටවුන් හිඟයක් ගැන නිෂ්පාදකයින්ගෙන් රතු එළි.

ඉදිරියේදී වෙළඳපොල තුළ බිත්තර සහ කුකුළු පැටවුන්ගේ හිඟයක් ඇතිවිය හැකි බව බිත්තර සහ කුකුළු නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ කුකුළු පැටවුන් ආනයනය සඳහා අවශ්‍ය කරන ණයවර ලිපි විවෘත කර ගැනීමේදී මුහුණදෙන ගැටළු සහ සත්ව ආහාරවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් කර්මාන්තයේ නිරත පුද්ගලයින් ඉන් ඉවත්ව යන බවයි.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, ඊට අනුව සුදු බිත්තරයක් රුපියල් 43 කටත්, දුඹුරු හෝ රතු බිත්තරයක් රුපියල් 45 කටත් අලෙවි කළ යුතු බව දැක්වුණා.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රුපියල් 50 ට අඩුවෙන් බිත්තර අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වැටලීම් සිදු නොකිරීමට වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු වාචිකව එකඟතාවය පළ කළ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required