/
/
title icon ගම්පහදී වෙඩි තබා අයෙක් ඝාතනය කෙරූ සිද්ධියට පස්දෙනෙකු අල්ලයි.
ගම්පහදී වෙඩි තබා අයෙක් ඝාතනය කෙරූ සිද්ධියට පස්දෙනෙකු අල්ලයි.
Editor
1 year ago
Share:
ගම්පහදී වෙඩි තබා අයෙක් ඝාතනය කෙරූ සිද්ධියට පස්දෙනෙකු අල්ලයි.

ගම්පහ ප‍්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයකදී පසුගිය 6 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අද අළුයම අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සමග වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ප‍්‍රවාහන කටයුතු සදඟා යොදා ගත් මෝටර් රථයක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් 23 ත් 39 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් පෙතියගොඩ, මාකේවිට සහ කොටුගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required