/
/
title icon කෝටි 5 ක රත‍්‍රං හොර පාරෙන් රැගෙන ආ අයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.
කෝටි 5 ක රත‍්‍රං හොර පාරෙන් රැගෙන ආ අයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
කෝටි 5 ක රත‍්‍රං හොර පාරෙන් රැගෙන ආ අයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.

රුපියල් කෝටි 5 ක් පමණ වටිනා රත‍්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප‍්‍රංශයේ සිට පැමිණි යානයකින් අද අළුයම මෙම පුද්ගලයා දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.

එහිදී ඔහු සතුව තිබූ ගමන් මළු කිහිපයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එම අවස්ථාවේදීයි සූක්ෂම ලෙස මෙම රත‍්‍රං තොගය සඟවා තිබියදි රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාළඹේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required