English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජල ගාස්තු වැඩි වන්නේ මෙහෙමයි – පළමු ඒකක පහ රුපියල් විස්ස දක්වා වැඩිවෙයි – ඒකක 75 ට වැඩි නම් මාසික ගාස්තුව 3,500 යි.

Facebook
Twitter
LinkedIn

සැප්තැම්බර් 1 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව එදින සිට ගෘහස්ථව භාවිත කරන පළමු ජල ඒකක පහ සඳහා ඒකකයක් රුපියල් විස්සක් වන අතර, මාසික සේවා ගාස්තුව රුපියල් 300 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට අමතරව ඒකක හයේ සිට දහය දක්වා ඒකකයක් සඳහා රුපියල් විසි හතක් දක්වා ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර, එහි මාසික සේවා ගාස්තුව සටහන් වන්නේ රුපියල් 300 ක් ලෙසින්.

ඒකක 11 සිට 15 දක්වා ඒකකයක් රුපියල් 34 දක්වාද, 16 සිට 20 දක්වා ඒකකයක් රුපියල් 68 දක්වා ද, 21 සිට 25 දක්වා ඒකකයක් රුපියල් 99 දක්වාද, 26 සිට 30 දක්වා ඒකකයක් රුපියල් 150 දක්වාද ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර, එම කාණ්ඩවල මාසික ගාස්තුව  සටහන් වන්නේ රුපියල් 300 ක්.

මීට අමතරව ඒකක විසි හයේ සිට 30 දක්වා ඒකකයක් රුපියල් 150 ක් දක්වාත්, 31 සිට 40 දක්වා ඒකකයක් රුපියල් 179 දක්වාද ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර, එම කාණ්ඩවල මාසික ගාස්තුව සටහන් වන්නේ රුපියල් 900 ක් ලෙසින්.

එමෙන්ම ඒකක 41 සිට 50 දක්වා ඒකකයක් රුපියල් 204 දක්වාත්, 51 සිට 75 දක්වා ඒකකයක් රුපියල් 221 දක්වාත් ඉහළ දමා තිබෙනවා. එම කාණ්ඩවල මාසික ගාස්තුව රුපියල් 2,400 ක් ලෙස දැක්වෙන අතර, ඒකක 75 ට වැඩි කාණ්ඩයේදී  ජල ගාස්තුව ඒකකයක් රුපියල් 238 ක් දක්වා ඉහළ දමා ඇති අතර, එහි මාසික ගාස්තුව රුපියල් 3,500 ක් ලෙස සටහන් කර තිබෙනවා.

ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පහත වෙබ් ලිපිනයට යෑමෙන් ලබාගත හැකියි.

http://www.documents.gov.lk/files/egz/2022/8/2294-51_S.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000