/
/
title icon කතකගේ වෙස් ගෙන සොරකමේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට.
කතකගේ වෙස් ගෙන සොරකමේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
කතකගේ වෙස් ගෙන සොරකමේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට.

කාන්තාවක් ලෙස සැරසී සොරකමේ ගිය පුද්ගලයකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු කළුතර, ලාගෝස්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.  කාන්තාවක් ලෙස සාරියකින් සැරසී කොණ්ඩය වවාගෙන හොර රහසේ නිවෙස්වලට ඇතුළු වෙමින් සැකකරු භාණ්ඩ සොරාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔහු නිවෙස්වලින් සොරාගත් රයිස් කුකර්, වතුර මෝටර්, බෆල්, පිත්තල මල් වාස්, පිගන් කෝප්ප ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිව තිබෙන අතර ඔහුගේ නිවෙසේ තිබී කාන්තා ඇදුම් රාශියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required