/
/
title icon අවිධිමත් විදේශ මුදල් ගණුදෙනු ගැන විමර්ශනයට වෙනම කණ්ඩායමක්.
අවිධිමත් විදේශ මුදල් ගණුදෙනු ගැන විමර්ශනයට වෙනම කණ්ඩායමක්.
Editor
1 year ago
Share:
අවිධිමත් විදේශ මුදල් ගණුදෙනු ගැන විමර්ශනයට වෙනම කණ්ඩායමක්.

අවිධිමත් ආකාරයට විදේශ මුදල් ගණුදෙනු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පතිවරයා විසින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ වෙනම කණ්ඩායමක් පත්කර තිබෙනවා. ඒ, මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලීම පරිදියි.

ඒ අනුව නීත්‍යානුකූල බැංකු පද්ධතියෙන් පරිබාහිරව හවාලා සහ උන්ඩියල් වැනි අවිධිමත් ක‍්‍රම හරහා විදේශ මුදල් හුවමාරුව මෙන්ම විදෙස්ගත ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් විවිධ භාණ්ඩ ආනයනය කිරීම සඳහා බැංකු පද්ධතියෙන් පරිබාහිරව අවිධිමත් ක‍්‍රම හරහා විදේශ මුදල් ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ඒ හරහා විමර්ශන සිදුකෙරනු ඇති.

ඒ හේතුවෙන් අවිධිමත් ක‍්‍රම හරහා විදේශ පේ‍්‍රෂණ ලැබීම් සහ ගෙවීම් සිදු නොකරන ලෙසත්, ඉදිරියේදී මෙම විමර්ශන කටයුතු පුළුල් කරන බවත් පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required