English English සිංහල සිංහල தமிழ் தமிழ்

විදුලි කප්පාදුව අඩුවන ලකුණු.

Facebook
Twitter
LinkedIn

හෙටින් ආරම්භ වන සතියේදී විදුලිය කප්පාදු කෙරෙන කාලසීමාව අඩු කිරීමේ ප‍්‍රවණතාවක් පවතින බව ශී‍්‍ර ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ, හදිසියේ අකි‍්‍රය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත‍්‍රය යළි ඊයේ දිනයේ ජාතික පද්ධතියට එක් කිරීමත් සමඟ පවතින තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින්. පළමු ජනන යන්ත‍්‍රය අකි‍්‍රය වීම සහ දෙවන ජනන යන්ත‍්‍රය අලූත්වැඩියාවක් හේතුවෙන් නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3 ක කාලයක් විදුලි කප්පාදුවක් කෙරුණා.

ඒ් සමග විදුලි කප්පාදු කාලයේ අඩු වීමක් සිදුවන්නේද යන්න පිළිබදව දැනුම් දෙන ලෙසයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළේ විදුලිය කප්පාදු කෙරෙන කාලසීමාව සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන බවයි. විදුලිබලය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සංචිත ප‍්‍රමාණය හා ජල විදුලි බලාගාර පිළිබඳ තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම වෙත දැනුම්දීමට පියවර ගන්නා බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෲ නවමනී සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000