/
/
title icon 2021 වසරේ දරු උපත් පහත වැටේ.
2021 වසරේ දරු උපත් පහත වැටේ.
Editor
1 year ago
Share:
2021 වසරේ දරු උපත් පහත වැටේ.

පෙර වසර හා සැසඳීමේදී 2021 වසරේදී මෙරට සිදුවූ දරු උපත්වල අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛණ හා සංඛ්‍යලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. 2021 වසරේදී දරු උපත් දෙලක්ෂ 84,848 ක් සිදුව ඇති අතර, 2020 වසරේදී සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව තුන් ලක්ෂ 1,706 ක්.

ඒ අනුව පෙර වසරට සාපේක්ෂව 2021 වසරේදී දරු උපත් සිදුව ඇත්තේ 16,858 ක් අඩුවෙන්. කොරෝනා වෛරස ව්‍යාප්තිය සමඟ මෙලෙස දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන්නට ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

2021 වසරේදී වැඩිම දරු උපත් සංඛ්‍යාවක් සිදුව ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයේ වන අතර, එම සංඛ්‍යාව 42,258 ක්. මහනුවර දිස්ති‍්‍රක්කයේ දරු උපත් 21,643 ක් සිදුව ඇති අතර, ගම්පහ දිස්ති‍්‍රක්කයේ 19,439 ක්, ගාල්ල දිස්ති‍්‍රක්කයේ 16,407 ක් ලෙස දරු උපත් සිදුව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required