/
/
title icon බන්දුල සහ ප්‍රසන්න මානව හිමිකම් කොමිසමට නොපැමිණෙන බව දැනුම් දෙයි.
බන්දුල සහ ප්‍රසන්න මානව හිමිකම් කොමිසමට නොපැමිණෙන බව දැනුම් දෙයි.
Editor
1 year ago
Share:
බන්දුල සහ ප්‍රසන්න මානව හිමිකම් කොමිසමට නොපැමිණෙන බව දැනුම් දෙයි.

පෙර දැනුම්දීමට අනුව අද දිනයේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවට අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ප‍්‍රසන්න රණතුංග එම කොමිසමට දැනුම් දී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගිවීමට ඇති බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මැයි 9 සහ ඉන් පසු සිදුවූ ප‍්‍රචන්ඩකාරී සිදුවීම් අතරතුර නිවාස ගිනි තැබීම්, දේපළ හානි සිදුකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුණා. ඒ අනුවයි ඔවුන්ට අද එම කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබුවේ.

මේ අතර මැයි 9 වනදා සහ ඉන් පසු ඇතිවූ ප‍්‍රචන්ඩකාරී සිදුවීම් අතරතුර සිද්ධීන් විමර්ශනය සිදුකිරීම සඳහා ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිපදෙනෙකුද අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, ලසන්ත අලගියවන්න සහ අරුන්දික ප‍්‍රනාන්දුගේ නිවාසවලට පහරදී අලාභහානි සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තවත් තුන්දෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required