/
/
title icon උසස් පෙළ හපනුන්.
උසස් පෙළ හපනුන්.
Editor
1 year ago
Share:
උසස් පෙළ හපනුන්.

ඊයේ නිකුත් වූ ප‍්‍රතිඵලවලට අනුව 2021 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් ත්වාරකේෂ් සිසුවා හිමිකරගෙන තිබෙනවා.

කලා අංශයේ ප‍්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉෂාර ලක්මාල් හීන්කෙන්දයි.

වාණිජ අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිණි නේහා අමරරත්නට හිමිව තිබෙනවා.

ඇය උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට ඇත්තේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්.

එමෙන්ම ජීව විද්‍යා අංශයේ දෙවන ස්ථානය එම විද්‍යාලයේම අමාෂා නිෂාමනී හිමිකරගෙන තිබෙනවා.

ජෛව තාක්ෂණවේදයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලබා ඇත්තේ ඉසුරි පබසරා ලොකුපතිරගේ වන අතර ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප‍්‍රථම ස්ථානය නාරම්මල මයුරපාද විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහටයි හිමිව ඇත්තේ.

ගණිත අංශයේ ප‍්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් වීරකෝන් විසින් හිමිකරගෙන තිබෙනවා.

2021 උසස් පෙළ විභාගයට පාසල් හා පෞද්ගලික අයැදුම්කරුවන් දෙලක්ෂ 72,682කු පෙනී සිටි අතර ඉන් එක් ලක්ෂ 71,497 දෙනෙකුු විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සදහා සුදුසුකම් ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required