/
/
title icon සජිත් මැතිසබය ඉදිරිපිට නිහඬ විරෝධයක.
සජිත් මැතිසබය ඉදිරිපිට නිහඬ විරෝධයක.
Editor
1 year ago
Share:
සජිත් මැතිසබය ඉදිරිපිට නිහඬ විරෝධයක.

විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරනවා.

ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්, මෙවැනි මගඩි වලින් තවදුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත් වූ නිහඬ විරෝධතාවයට එක්වීමෙන් අනතුරුවයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required